Home උණුසුම් පුවත් මත්කුඩු කිිලෝ 300ක් – ගිනිඅවි රැගත් කුඩා නෞකාවක් කොළඹ වරායට

මත්කුඩු කිිලෝ 300ක් – ගිනිඅවි රැගත් කුඩා නෞකාවක් කොළඹ වරායට

0
මත්කුඩු කිිලෝ 300ක් – ගිනිඅවි රැගත් කුඩා නෞකාවක් කොළඹ වරායට

පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට මත්කුඩු රැගෙන එමින් තිබුණු ඉරානයට අයත් බව කියන කුඩු නෞකාවක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන අද කොළඹ වරායට රැගෙන විත් ඇත.

එම නෞකාවේ මත්කුඩු කිලෝ 300 කට වැඩි ප්‍රමාණයක් සමග ගිනි අවි රැසක් ඇති බවට විශ්වාස කරයි.

මේ වන විට එම නෞකාව දැඩි පරීක්ෂාවට ලක්කරමින් සිටින අතර මත්කුඩු පිරවූ උර විශාල ප්‍රමාණයක් එහි තිබෙන බව උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම කුඩු නෞකාවේ කර්ය මණ්ඩලය ලෙස විදේශිකයන් 07 දෙනෙක් සිටින බවත් ඒ අය ඉරාන් ජාතිකයන් බවට විශ්වාස කරන බවත් එම නිලධාරියා කීය.

රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මෙහෙයැවීමකට අනුව නාවික හමුදාවේ යාත්‍රා මගින් ගැඹුරු මුහුදේදී මෙම නෞකාව සිට භාරයට ගෙන ඇති බව සදහන්ය.

මෙම මත්කුඩු තොගය භාර ගැනීමට මෙරටින් බහුදින යාත්‍රාවක්ද සූදානම්කර තිබී ඇති බවද සදහන්ය. එම යාත්‍රාව හදුනා ගැනීමේ මෙහෙයුම්වල මේ වන විටත් අදාල අංශ නිරතව සිටී.

ඩුබායි හී රැදී සිටින මෙරට ප්‍රබල මත්කුඩු ඡාවාරම්කරුවෙකුගේ ඇනවුමකට අනුව මෙම මත්කුඩු තොගය රැගෙන විත් ඇතැයි
බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here