තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පහන්තුඩාවේ බ්ලූ ෆිල්ම් හැදූ අනියම් යුවළට ඇප- තතු රැසක් එළියට

    පහන්තුඩාවේ බ්ලූ ෆිල්ම් හැදූ අනියම් යුවළට ඇප- තතු රැසක් එළියට

    බලංගොඩ පහන්තුඩ දිය ඇල්ල පසුබිම්කරගෙන නිරුවත් වූ යුවල මීමුරේ ඇතුළු එවන් සුවිශේෂී පරිසර පද්ධිති ආශිතව සකස්කල වීඩියෝ දර්ශන 20 ක් පමණ අන්තර් ජාලයට එක්කර ඇතැයි පොලිස් විමර්ශන වලින් හෙළිවී තිබේ.

    මෙම කටයුත්තට තමන් පෙළඹුනේ මෙයට වසර දෙකකට පමණ පෙර බවත් ඇමරිකාවේ ක්‍රියාත්මක වෙඩ් අඩවියකට එම දර්ශන අලෙවි කරන බවත් ප්‍රශ්න කිරීම් ඔවුන් දෙදෙනා පවසා ඇත.

    කොවිඩ් 19 වෛරසය මේ දෙදෙනාටම ආසාදනය වී ඇති අතර අත්අඩංගුවට ගත් ඔවුන්ට පොලිස් ඇප අද නියම වී ඇති බව පරිගණක අපරාධ කොට්ඨාශයේ තොරතුරු සදහන් කළේය.

    පහන්තුඩ දර්ශන ඉකුත් අගෝස්තු මාසයේ මුල වීඩියෝගත කල බවද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත. තරුණයා විවහාකයෙක් වන අතර ඔහු එක්දරු පියෙකි. තරුණිය අවිවහාක වන අතර තරුණයා සමග අනියම් සම්බන්ධයක් ගොඩනගාගෙන සිටින්නෙක් බව පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත.

    තරුණයා වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් වන අතර තරුණියව මුණ ගැසී ඇත්තේ ඡායාරූප කරණයේදීය. පහසුවෙන් මුදල් හම්බකිරීමේ මාර්ගයක් ලෙස තරුණයා විසින් කළ යෝජනාවකට තරුණියගේ කැමැත්ත ලැබීම හේතුවෙන් මේ ආකාරයට නිරුවත් වීඩියෝ පටිගතකර අන්තර්ජාලයට යොමු කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.

    මොවුන් අන්තර් ජාලයට යොමු කරන ලද පහන්කුඩ වීඩියෝවට අමතරව ඇති නිරුවත් වීඩියෝ දර්ශන සම්බන්්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වීමට තීරණය වී තිබේ. එම වීඩියෝ දර්ශන අන්තර් ජාලයට යොමුකල තොරතුරු මෙන්ම ඒ සදහා යොදා ගත් පරිගණක, වීඩියෝ කිරීමට යොදාගත් කැමරා ඇතුළු උපකරන ආදියද පොලිිසිය විමර්ශන සදහා සිය භාරයට ගෙන ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයැවීමෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img