තවත්
    මුල් පිටුවදේශීය පුවත්සන්ෂයින් සුද්දා වැලිගමදී වෙඩි තබා මරා දම යි

    සන්ෂයින් සුද්දා වැලිගමදී වෙඩි තබා මරා දම යි

    මාතර වරකාපිටියේදී මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙක් වන අමිල ප්‍රසන්න හෙට්යිටිහේවා නොහොත් සන්ෂයින් සුද්දා නැමැත්තාට අද දහවල් වෙඩි තබා ඝාතනය කර තිබේ.

    සිය අනියම් බිරිදව මුණ ගැසී සන්ෂයින් සුද්දා ගමන් කරමින් සිටි මෝටර් රථයේ වැගන් ආර්. වර්ගයේ රථ දෙකක් ගැටීමට සලස්වා අනතුරුව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ටී 56 අවියකින් වෙඩි තබා ඇති බව සදහන්ය. රියදුරු අසුනේ සිටි ඔහු එම ස්ථානයේම මරුමුවට පත්ව ඇත.

    වැලිගම පිහිටි සන්ෂයින් හෝටලයේ හිමිකරුද වන සන්ෂයින් සුද්දාට අයත්ව ධිවර යාත්‍රා 20 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි බුද්ධි අංශ පසුගිය දිනවල රැස්කරගත් තොරතුරුවල සදහන්ය. මාකදුරේ මධුෂ්ගේ මෙරට දෝපොල රැසක් නඩත්තු කළේ යැයි කියැවෙන්නේ සන්ෂයින් සුද්දා බැවින් බුද්ධි අංශ කාලයක් තිස්සේ ඔහු පසු පස පන්නමින් සිටියේය.

    මාකදුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයට පවා සහභාගිවීමට ඩුබායි ගිය කණ්ඩායමේ සිටියෙක් වන සන්ෂයින් සුද්දා ඩුබායි පොලිස් අත්අඩංගුවටද පත්විය. මෙරටට පිටුවහල් කර එවීමෙන් පසු බන්ධනාගාරතව සිටි ඔහු ඇප ලැබීමෙන් අනතුරුව 2020 වසරේ මැයි 30 වෙනිදා වැලිගම ධිවර වරාය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයකට ලක්විය. එහිදී අතකට වෙඩි වැදී ඔහු දිවි බේරා ගන්නා අතර පසුව හෙළිවන්නේ ඒ වන විට ඉන්දියාවේ රැදී සිටි අංගොඩ ලොක්කාගේ සැළසුමකට අනුව හරක් කටා සහ අතුරුගිරියෙන් වැදිගමට පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකල බවය මත්කුඩු ආරවුලක් මුල්කරගෙන සිදුවූ එම වෙඩි තැබීමෙන් පසු සන් ෂයින් සුද්දාගේ ගෝල බාලයින් හරක් කටාව සොයන්නට ගැනීමත් සමග ඔහු ඩුබායි රටට පළා ගියේය. මේ වන විට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින හරක් කටාට අයත් මත්කුඩු ජාලය බිද වැටෙමින් ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැලිගම සහ මිදිගම ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට මහා පරිමාණයේ මෙහෙයුම් දියත්කරන බැවින් හරක් කටාගේ ගෝල බාලයින් මත්කුඩු සමග වැඩි වහයෙන් කොටුවන බව සදහන්ය. සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම හා හරක් කටාගේ මත්කුඩු ජාලය බිද වැටීම අතර යම් සම්බන්ධයක් ඇතැයි ඒ අනුව බුද්ධි අංශ තුළ සැකයක් මේ වන විට ගොඩ නැගී ඇත. දැනට විශ්වාස කරන්නේ හරක් කටාගේ වෙඩිල්ලක් සන් ෂයින් සුද්දාට මරණය ගෙන දුන් බවටය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img