තවත්
    මුල් පිටුවදේශීය පුවත්සිතුල්පව්වේ නිධන් හෑරූ කල්ලියම අල්ලයි

    සිතුල්පව්වේ නිධන් හෑරූ කල්ලියම අල්ලයි

    සිතුල්පව්ව පූජා භූමියේ පිහිටි රජ සමයේ ඉදිකරන ලද පරිවාර චෛත්‍යක් වන මගුල් මහා සෑයේ නිදන් සොයා දින කිහිපයක්ම එය සිදුකරුකරමින් නිධන් සෙවූ බව අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීමේදී සදහන් කර තිබේ.

    නිධන් හෑරීම් ඇතුළු අපරාධ කිහිපයකට බන්ධනාගාරගතව දඩුවම් ලබා නිදහස ලබා සිටින රන් මාමා නැමැති අයෙක් මෙම කල්ලියේ මහ මොළකරු ලෙස පොලීසිය හදුනා ගෙන ඇත. ඔහු ඇතුළු 05 දෙනෙක් සැගවී සිටියදී ඊයේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    දින කිහිපයක්ම සිතුල්පව්වට ගොස් චෛත්‍ය අවට ආරක්ෂාව පිළිබද සොයා බැලූ බවත් ඒ එක් දිනක් බිත්ති සිදුරුකරන යන්ත්‍රයක් රැගෙන ගොස් නිධන් ඇතැයි අනුමාන කළ චෛත්‍යෙය් බද කොටසේ සිදුරු කිහිපයක් විද එම සිදුරුවලට රසායනික ද්‍රව්‍යයක් ඇතුළු කළ බවත් සැකකරු ප්‍රශ්න කිරීමේදී සදහන් කර තිබේ. එම රසායනික ද්‍රව්‍යෙයන් සිදුවන්නේ චෛත්‍ය බදෙහි ඇති ඝණකම සැහැල්ලවීම බවද සැකකරු සදහන් කර ඇත.

    දින කිහිපයකට පසු ඔහු සිව් දෙනෙක් සමග පැමිණ එම චෛත්‍ය බද හාරා ඇති බව පොලීසිය කියයි. යාල වනෝද්‍යානයේ සෆාරි ජිප් රථයක් පදවන පුද්ගලයෙක් විසින් නිධන් හාරන්නට පැමිණි සිව් දෙනාව රැගෙන විත් තිබේ. පොලීසිය ඔහුවද අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව ඔහුගේ සහයකයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.

    නිධන් හාරමින් සිටියදී සිතුල්පව්වේ ආරක්ෂාවට සිටි පොලීසියේ සහ හමුදාවේ නිලධාරීනන්ට ඇසුණු ශබ්දයක් හේතුවෙන් ඒ ගැන විපරම් කිරීමේදී ඉකුත් 31 වෙනිදා රාත්‍රීයේ පිරිසක් පලායන අතර එක් අයෙක් අත්අඩංගුවට පත්විය. මෙම නිධන් කල්ලිය ගැන තොරතුරු හෙළිවන්නේ ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදීය.

    ඒ අනුව ඊයේ අත්අඩංගුවට ගත් 05 දෙනා අතර කොරියාවේ කාලයක් රැකියාවේ නිරතව සිට පැමිණි පුද්ගයෙක්ද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නෙක්ද ඇතැයි පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img