Home උණුසුම් පුවත් ඉදිරියේදී වෛද්‍ය උපකරණ කිහිපයක් ආනයනයේදී දැඩි කොන්දේසි

ඉදිරියේදී වෛද්‍ය උපකරණ කිහිපයක් ආනයනයේදී දැඩි කොන්දේසි

ඉදිරියේදී වෛද්‍ය උපකරණ කිහිපයක් ආනයනයේදී දැඩි කොන්දේසි

ස්වයංක්‍රීය උෂ්ණත්වමාන, ඔක්සිජන් සාන්ද්‍රන යන්ත්‍ර සහ oximeter ආනයනයේ දී මින් ඉදිරියට දැඩි කොන්දේසි පනවන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කීය.

එම උපකරණවල ප්‍රමිතිය පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන ලෙසද නිසි අවසරයකින් තොරව මින් ඉදිරියට එම උපකරණ ආනයනය කරන්නේදැයි නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙසද රාජ්‍ය ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ප්‍රමිතියෙන් තොර එවැනි උපකරණ වෙළඳපොලේ ඇත්දැයි සොයා බලා එවැනි උපකරණ ඇත්නම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද රාජ්‍ය ඇමතිවරයා උපදෙස් ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here