තවත්
    මුල් පිටුවදේශීය පුවත්කළුකඩ මිලට එරෙහිව සීනි සහ සහල් සදහා පැනවූ උපරිම සිල්ලර මිල...

    කළුකඩ මිලට එරෙහිව සීනි සහ සහල් සදහා පැනවූ උපරිම සිල්ලර මිල මෙන්න

    සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියමකරමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් අද (02) සිට බලැපැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

    එ් අතරින් සීනි සම්බන්ධයෙන් නිකුත්කර ඇති ගැසට් නිවේදනයට අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල නියමකර ඇත්තේ රුපියල් 116 ක් ලෙසිණි. එහි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 122ක් වේ.

    එසේම පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල නියම කර ඇත්තේ රුපියල් 125 ක් ලෙසිණි.

    දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල එම ගැසට් නිවේදනයට අනුව රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128 කි.

    සහල් සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා කිලෝවක් සදහා රුපියල් 125 ක්, සුදු හා රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95 ක්, සුදු හා රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 98 ක්, සුදු හා රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 103ක් ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img