Home අධ්‍යාපනය උසස්පෙළ – ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් කාලය දීර්ඝ කෙරේ

උසස්පෙළ – ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් කාලය දීර්ඝ කෙරේ

උසස්පෙළ – ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් කාලය දීර්ඝ කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගය සඳහා සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය මේ මස 15 වැනිදා දක්වා දීර්ඝ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උසස් පෙළ විභාගයට සහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සෑම ශිෂ්‍යයකු ම සිය අයදුම්පත්‍ර මාර්ගගත (online) ක්‍රමවේදය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු බවද බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන doe වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව නිවැරැදි ලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කරන ලෙසට දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.

එම විභාගය සඳහා පෙනී සිටින පාසල් සිසුන් වෙනුවෙන් අදාල විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිදි පරිශීලක නාම (user name) සහ මුරපද (password) භාවිතයෙන් අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය .

පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ අදාල උපදෙස් අනුව online හරහා අයදුම් පත් ඉදිරිපත් කළ යුතු බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here