ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් නීති මෙට්‍රික්ටොන් 29,900 ක් අද කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරාගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා සදහන් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
මෙම සීනි පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පුද්ගලික ආයතන මගින් පාරිභෝගික ජනතාවට අළෙවි කිරීමට සැළසුම් කර ඇතැයිද එහි සදහන්ය.
2020 ඔක්තෝම්බර් 14 වෙනිදා සිට සීනි කිලෝවකට අයකල රුපියල් 50 ක ආනයනික බද්ධ පාරිභෝගිකයාට සහනයක් සැලසීම සදහා ශත 25 දක්වා අඩු කිරීමෙන් පසු 2021 ජූනි 30 දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000 ක් මෙරටට ආනයනය කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන ආකාරයට අනුව මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000 ත් පමණක් වන බවද එම නිවේදනයේ සදහන්ය.