තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසරේ ඡායාරූප ශිල්පියා තෝරන ලෝක තරඟයෙන් ලාංකිකයන් දෙදෙනෙක් ජූරියේ පැසසුමට

    මේ වසරේ ඡායාරූප ශිල්පියා තෝරන ලෝක තරඟයෙන් ලාංකිකයන් දෙදෙනෙක් ජූරියේ පැසසුමට

    2021 වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා තේරීමේ තරඟයේ මෙවර ජූරියේ විශේෂ පැසසුමට ලක්වීමට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සමත් විය. ඒ බුද්ධිලිනී ඩී සොයිසා හා ගඟන වික්‍රමසිංහ ය.

    ලන්ඩන්හි ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය විසින් සංවිධාන කර නිෂ්පාදනය කරන ලද මෙම තරගයට රටවල් 95 ක ඡායාරූප ශිල්පීන්ගෙන් ඡායාරූප 50,000ක් පමණ සහභාගි වී ඇත.

    බුද්ධිලිනී ඩී සොයිසා මහත්මියගේ ‘A Great Swim’ නමින් පළ කරන ලද ඡායාරූපය “Mammals” අංශයෙන් හා ගඟන වික්‍රමසිංහගේ ‘Lock down chicks’ නමින් පළ කරන ලද ඡායාරූපය වයස අවුරුදු 10ට අඩු ඛාණ්ඩයෙන් ජුරියේ විශේෂ පැසසුමට ලක්ව ඇත.

    ” මෙම ඡායාරූපය කෙන්යාවේ ගඟේ ගසාගෙන යන චීටාවන් කණ්ඩායමක් පොරබදින අයුරු පෙන්වයි. ‘2020 ජනවාරි මාසයේදී මසායි මාරා ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා එක් ප්‍රධාන ගංගාවක් ගංවතුරට පත් වූ අතර වෙන කවරදාටත් වඩා ප්‍රචණ්ඩකාරී විය. ලොව පුරා වාර්තා වූ එකම පිරිමි චීටා පස් දෙනා ඉතා බලවත් ගං රැළි හමුවේ මෙම ගඟ තරණය කිරීමට බලාපොරොත්තු විය. එය බොහෝ අසීරු කාර්යයක් සේ පෙනුන අතර, බොහෝ චීටාවන් මිය යෑමත් සමඟම බිය ජනක ජල මට්ටම තරණය කිරීමට අනෙකුන් උත්සාහ කළහ. පැය ගණන් ප්‍රවේශමෙන් ඉවුර දිගේ පැමිණි පසු ඔවුහු හදිසියේම ජලයට පැන මෙම සුළි කුණාටුව හරහා පිහිනීමට උත්සාහ කිරීම ආරම්භ කළ අතර, කිඹුලන් විසින් ඒවා ආහාරයට ගනු ඇතැයි යන බියෙන් අපි බලා සිටියෙමු. ඔවුන්ගේ අරමුණ වූයේ ඔවුන්ගේ භූමි භාගයේ කොටසක් වූ අනෙක් පැත්තට මාරුවීමයි. මාරුවීමේදී චීටාවන් කෙලින්ම අප දෙස බැලුවේ උත්සාහයෙන් දත්මිටි කමින්, ඔවුන්ට උදව් නොකළ බවත් ඔවුන් මැරෙන තුරු බලා සිටින බවත් අපට චෝදනා කරන අයුරිනි” යැයි බුද්ධිලිනී සොයිසා මහත්මිය මෙම සේයාරුවේ කතාන්දරය එලෙස පවසා තිබුණි.

    මේ ගගනගේ සේයාරුව පිළිබද තරගාවලියේදී මතුවූ කතාන්දරයයි. තම පියා ආහාර රැගෙන එන විට මාල ගිරා පැටවුන් තිදෙනෙක් කූඩුවේ සිදුරෙන් හිස එළියට දමා සිටින ඡායාරූපය. ශ්‍රී ලංකාවේ කොළඹ වෙසෙන ගගනගේ දෙමව්පියන්ගේ නිදන කාමරයේ බැල්කනියේ සිට 10 හැවිරිදි ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ ඒ දෙස බලා සිටියේය. බැල්කනියේ ඇස් මට්ටමට එම සිදුර තිබූ අතර, ගෙවත්තේ මැරී ගිය පුවක් ගසක් ඔහුගේ දෙමාපියන් කුරුල්ලන්ගේ තෝතැන්නක් වීමට හිතාමතාම අතහැර දමා තිබී ඇත. ‘2020 දී, දීපව්‍යාප්ත අගුලු දැමීමට ලක්වූ දීර්ඝ කාලය තුළ, ගගන සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා පැය ගණන් මේ පැරකිට් පවුල දෙස බලා විනෝද වූ අතර, ඔවුන්ගේ කැමරා අත්හදා බැලීම්, කාච සහ ට්‍රයිපොඩ් හුවමාරු කර ගැනීම සැම විටම සිදු විය. කුඩා චලනයක් හෝ ශබ්දයක් නිසා පැටවුන් තමන්ව පෙන්වීම නැවැත්විය හැකිය. බිත්තර දමන කාලයේදී කිරීමේදී ගැහැනු සතා ඇතුළේ රැඳී සිටියදී පුරුෂයා (පළතුරු, ඇට ආදිය) ගෙනත් දෙයි. දෙමව්පියන් දෙදෙනාම වැඩෙමින් සිටි පැටවුන් පෝෂණය කරමින් සිටියහ. පැටවුන් පස් දෙනෙකු පමණ සිටින බව ගගනට දැනගන්නට ලැබුණේ ඔවුන් පලා ගිය විට ය. මෙම මධ්‍යම ප්‍රමාණයේ ගිරවුන්ගේ නිජබිම ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය මෙන්ම අප්‍රිකානු රටවල් වන නමුත් එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවලවල්වලද දක්නට ලැබේ. මෙම කුරුල්ලන් වර්ගය බොහෝ විට නාගරික පසුබිමක දක්නට ලැබෙන අතර සමහර විට ගඩොල් බිත්ති වල වලවල්වල පවා බිත්තර දමන බව පැවසේ. ගගනගේ මෙම පින්තූරය අවුරුදු 10 අඩු වයස් කාණ්ඩය තුළ තිබූ තරගයේදී ඉහළ ප්‍රශංසාවක් ලැබීය.

    සම්මානලාභීන් ඇතුළු ජයග්‍රාහී ඡායාරූප පිළිබඳ ඔක්තෝම්බර් 12 වන දින ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයෙන් සජීවීව විකාශය වන මාර්ගගත සම්මාන ප්‍රදානෝත්සවයේදී ප්‍රකාශයට පත් කෙරේ.

    පසුගිය වසරේ එය පිරිනමන ලද්දේ කේම්බ්‍රිජ් ආදිපාදවරිය විසිනි.

    ලෝක ඡායාරූප ශිල්පින්ගේ සිහිනයක් බඳූ වූ Wildlife photographer of the year 2021 තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක්වීමට ශ්‍රී ලාංකීක ඡායාරූප ශීල්පිණීයකට හා මෙරට ළාබල ඡායාරූප ශිල්පියෙකුට මෙවර හැකියාව ලැබි ඇත්තේ මීට පෙර එම තරගයේ ඇගයුමට ලක්වූ එකම ශ්‍රී ලාංකිකයා වන්නේ රොෂාන් ජයවර්ධන මහතාගෙන් පසුවය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img