Home උණුසුම් පුවත් අවු.10න් පහළ ලෝක තරුණ චෙස් ශූරතාව ඔෂිනි ගුණවර්ධනට

අවු.10න් පහළ ලෝක තරුණ චෙස් ශූරතාව ඔෂිනි ගුණවර්ධනට

අවු.10න් පහළ ලෝක තරුණ චෙස් ශූරතාව ඔෂිනි ගුණවර්ධනට

2021 ඔන්ලයින් ෆිඩේ ලෝක යොවුන් චෙස් ශූරතාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔෂිනි දේවින්‍යා ගුණවර්ධන මෙවර අවුරුදු 10 න් පහළ බාලිකා චෙස් ශූරතාව දිනා ගෙන තිබේ.

ඒ ඊයේ පැවති අවසන් මහා තරගයේදී ඇමරිකාවේ මේගන් අල්තියා පරාගුවා පරාජය කරමිනි.

ඔෂිනිගේ පුහුණුකරු වන්නේ අකිල කාවින්ද මහතායි.

ලෝක චෙස් සම්මේලනය සහ ජෝර්ජියා චෙස් සම්මේලනනය ඒකාබද්ධව සංවිධානය කරන මෙම තරගයට සහභාගි වූ ඔෂිනි රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයෙය් සිසුවියකි.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් මෙම ජයග්‍රහණය වෙනුවෙන් රු. 100,000 / -ක මුදල් ත්‍යාගයක් ලෝක තරුණ චෙස් ශූරයාට පිරිනමන අතර රු. 50,000 / -ක මුදල් ත්‍යාගයක් හොඳම අනුපූරකයා වෙත පිරිනමනු ලබයි.

පුංචි ඔෂිනිගේ ලොකු ජයග්‍රහණයට NewsWave වෙතින් සුබපැතුම්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here