අපනයනය ඉලක්කකරගත් කෝමාරිකා ඖෂධීය නිෂ්පාදිත ව්‍යාපෘතියක් සදහා අනුරාධපුරයේ රජයේ ඉඩම් අක්කර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලීන බදු පදනම මත පුද්ගලික සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් නිකුත්කර ඇති නිවේදනය මෙසේය.
සීමාසහිත අවුරා ලංකා හර්බල්ස් පුද්ගලික සමාගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික වගා ක්‍රමය යටතේ අපනයනය සඳහා කෝමාරිකා ශාකයෙන් ඖෂධීය නිෂ්පාදන කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා “වියළි කලාපීය ග්‍රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘතිය” යනුවෙන් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
එම ව්‍යාපෘතිය යටතේ කෝමාරිකා ශාකයේ මුල්, අල, ජෙල් සහ පත්‍ර බාහිර කොටස් භාවිත කර අධි ශක්තිජනක පානයන්, ඖෂධීය පෙති, ආලේපන, ආශ්වාස කැප්සියුලර් (Inhaler) සහ හිස ගල්වන තෙල් යන නිෂ්පාදනයන් සිදු කිරීමට අපේක්ෂා කරනු ලබයි.
ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 783ක් වන අතර, මූලික ආයෝජනය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් යෙදවීමට ආයෝජකයා සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ කෝමාරිකා බීජ පැළ නිෂ්පාදනය කිරීම සඳහා පැළ තවාන් ඇති කිරීමට රාජාංගණය හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පිහිටි අක්කර 2000ක් සහ එකී පැළ තවාන් මඟින් නිපදවන පැළ භාවිත කර කෝමාරිකා වගා කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි අක්කර 102,000ක් යොදා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ සඳහා දීමනා පත්‍ර හා බලපත්‍ර මත ඉඩම් හිමි පවුල් සහ වගා කටයුතු සඳහා රජයේ ඉඩම් භුක්තිවිඳින පවුල් ද සහභාගිකරවා ගැනීමට යෝජිතය. ඒ අනුව, එම ව්‍යාපෘතියේ කර්මාන්තශාලාව හා මෙහෙයුම් කාර්යාල පරිශ්‍රය ඉදිකර පවත්වාගෙන යාමටත් ගබඩා හා මෙහෙයුම් කටයුතු සඳහාත් අක්කර 66කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන පරිදි වසර 30ක දීර්ඝකාලීන බදු පදනම මත එම සමාගම වෙත ලබා දීම පිණිස මුදල් අමත්‍යතුමා සහ ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.