තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැඩකරන ගුරු-විදුහල්පතිලාට ලබන මාසවලදී 5000 දීමනාවක්

    වැඩකරන ගුරු-විදුහල්පතිලාට ලබන මාසවලදී 5000 දීමනාවක්

    ලබන සැප්තැම්බර්‌ සහ ඔක්තෝබර්‌ යන මාස සඳහා සිය රාජකාරි කටයුතුවල නිරත වන ගුරුවරුන්‌ සහ විදුහල්පතිවරුන්‌ සඳහා රුපියල්‌ 5,000/-ක්‌ බැගින්‌ වන විශේෂ දීමනාවක්‌ ගෙවීම ඇතුළුව ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප්‌ විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන්‌ අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ පහත තීරණ ගෙන තිබේ.

    • අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දෝශ ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක්‌ වශයෙන්‌ අනුමත කිරීම,

    • ගුරු සේවය, ගුරු උපදේශක සේවය සහ විදුහල්පති සේවය යන සේවාවන්‌ සංවෘත සේවා වශයෙන්‌ 2021 නොවැම්බර්‌ මස 20 දිනට පෙර ගැසට්‌ නිවේදනයක්‌ මගින්‌ ප්‍රකෘශයට පන්‌ කිරීම්‌.

    • අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින්‌ ගුරු – විදුහල්පති වැටුප්‌ විෂම්තාවන්‌ ඉවන්‌ කිරීම්‌ සඳහා නිර්දේශිත වැටුප්‌ සංශෝධනයන්‌, 2022 අයවැය යෞජනාවක්‌ මඟින්‌ අදියරගතව ක්‍රියාත්මක කිරීම සළහා අවශ්‍ය පියවර ගැනීම,

    • 2021 සැප්තැම්බර්‌ සහ ඔක්තෝබර්‌ යන මාසයන්‌ සඳහා සිය රාජකාරි කටයුතුවල නිරත වන ගුරුවරුන්‌ සහ විදුහල්පතිවරුන්‌ සඳහා රුපියල්‌ 5,000/-ක්‌ බැගින්‌ වන විශේෂ දීමනාවක්‌ ගෙවීම.

    • අනුකාරක සභාවේ සෙසු යොජනා පළාත්‌ සභා හා අනෙකුක්‌ අදාළ බලධාරින්‌ සමභ එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින්‌ මංස 06ක්‌ තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම්.

    මෙම වැටුප් අර්බුදය පිළිබඳ පරීක්ෂාකර බලා අමත්‍ය මණ්ඩලය වෙන නිර්දේශ ඉදිරිපන්‌ කිරීම පිණිස පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ සළකා බලා කැබනට් මණ්ඩලය මෙම තීරණ ගෙන ඇත.

    ගුරු, විදුහල්පති හා ගුරු උපදේශක වෘත්තීය සමිති 33 ක නියෝජිතයින්‌ සම්භ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත මෙම නිර්දේශ ඉදිරිපත්‌ කරන ලදී.

    එම නිර්දේශ අනුව අමාත්‍ය මණ්ඩලය විසින්‌ සලකා බලා පහත සඳහන්‌ තිීරණයන්ට එළෙඹන ලදී:

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img