ව්‍යාජ මුදල් මුද්‍රණය කර බෙදා හැරීමේ ඡාවරමක් හෙළිකරගත් පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශය රුපියල් 500 යේ ව්‍යාජ නෝට්ටු 602 ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මකව සිදුකරගෙන යන මෙම මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස මුදුණය කරන ඡාවාරම කොටුකර ගැනීමට විශේෂ කාර්ය බලකායට හැකියාව ලැබෙන්නේ සීදූව ලියනගේමුල්ලේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් මුදල් බෙදා හරිමින් සිටියදී ඊයේ සවස අත්අඩංගුවට ගැනීමත් සමගිනි. ඒ වන විට ඔහු සතුව 500 නෝට්ටු 60 ක් තිබී ඇත.
අනතුරුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉතිරි නෝට්ටු තොගය සොයාගෙන තිබේ. එම නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, මෙම ඡාවාරම සම්බන්ධිකරණයට යොදාගත් ජංගම දුරකතන 03 ක් ද විශේෂ කාර්යා බලකාය සිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 2්‍ර, 43 සහ 45 යන වයස්වල පසුවන ගම්පහ, වේයන්ගොඩ, වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
වැඩිදුර විමර්ශන සදහා අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන ඒකකයට සැකකරුවන් භාරදී ඇත.