තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොස්ගොඩ සුජීගේ කුඩු කිලෝ 259 ක් අල්ලයි - ගිනි අවි එක්ක කොටසක්...

    කොස්ගොඩ සුජීගේ කුඩු කිලෝ 259 ක් අල්ලයි – ගිනි අවි එක්ක කොටසක් මුහුදේ

    දකුණු මුහුදේ කරන ලද වැටලීමකදී බහුදින යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබුණු රුපියල් කෝටි 250 කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 259 ක් සමග සැකකරුවන් පස් දෙනෙක් අද අලුයම අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත.

    රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මෙහෙයැවීමෙන් නාවික හමුදාවේද සහය ඇතිව මෙම වැටලීම කර තිබේ.

    මේ වන විට ඩුබායි හී රැදී සිටින කොස්ගොඩ සුජී නැමැති ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් පවා නිකුතර කර සිටින පාතාල අපරාධකරුවෙක් වන කොස්ගොඩ සුජී මෙම මත්කුඩු තොගය පිටුපස සිටින මහ මොළකරු බවට මේ වන විටත් හදුනා ගෙන ඇත.

    පකිස්තානයේ සිට මෙම හෙරොයින් තොගය ඉරාන් ජාතිකයින් පිරිසක් විසින් කුඩා නෞකාවකින් රැගෙනවිත් ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් පිරිසට භාරදී ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ. කිලෝ 300 කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමග කුඩා ගිනි අවි 03 ක්ද එහිදී මෙම බහහුදින යාත්‍රාවේ පිරිසට ලැබී තිබී ඇත. යාත්‍රාව මත්කුඩු තොගය සමග ගමන්කරමින් තිබී ඇත්තේ බලපිටිය ප්‍රදේශයෙන් ගොඩබෑමේ සූදානමිණි. එහෙත් අතර මගදී යාත්‍රාවේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් නියමිත ගමන් මාර්ගයේ යාත්‍රා කිරීමට ඔවුන්ට නොහැකි වී තිබී ඇත. කෙසේ වෙතත් මෙම යාත්‍රාව ගැන නාවික හමුදාව ඒ වන විටත් ඇස ගසාගෙන සිට ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශයේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ දැනුම් දීමට අනුවය. යාත්‍රාව කාර්මික දෝෂයට ලක්ව තිබීම හේතුවෙන් නාාවික හමුදාවේ යාත්‍රා ඊට කිට්ටුකරන විට බියට පත්වූ යාත්‍රාවේ රැදී සිටි ජාවාරම්කරුවන් ගිනි අවි සමග මත්කුඩු කිලෝ 50 කට වැඩි ප්‍රමාණයක් මුහුදට දමා ඇත. එම මත්කුඩු බහා තිබූ ඉටිකවර යාත්‍රාෙව් තිබී සොයාගෙන ඇත.

    නාවික හමුදාවේ නිලධාාරීන් වහාම ක්‍රියාත්මක වී බහහුදින යාත්‍රාවේ සිටි පිරිස සිය භාරයට ගැනීම හේතුවෙන් හෙරොයින් සියල්ලම මුහුදට දැමීමට නොහැකි වී තිබේ. කාර්මමික දෝෂයට ලක්වූ එම බහුදින යාත්‍රාව හෙරොයින් තොගයද සමග නාවික හමුදාවේ යාත්‍රා මගින් බේරුවලට ඇදගෙනවිත් ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා බේරුවල සහ බලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img