පරාක්‍රම සමුද්‍රයේ මහවේල්ලෙ ඇවිදින මංතීරුව නවත්වන්න යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ අනුව දැනට යෝජිත ජලාශයේ බටහිර පැත්තෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපෘතිය නවත්වා, පරාක්‍රම සමුද්‍රයේ
මහවේල්ල නැගෙනහිර අවසාන කොටසින් එහාපැත්තේ ඇති වෙල්යාය අතර අඩිපාරක් වැනි ප්‍රදේශයේ යෝජිත ඇවිදින මංතීරුව සැදීමයැයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන්ය.
පොළොන්නරුව නගරය ආසන්න ඇවිදින මංතීරුවක් නොමැතිවීම නිසා මෙම ව්‍යාපෘතිය ඉතා සත්භාවයෙන් හා යහපත් අරමුණකින් ආරම්භ කරන්නට ඇතැයි සිතමි.
පරාක්‍රම සමුද්‍රය මහාවේල්ල (බැම්ම) ඇති ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමත්, ගොවිජනතාවට එහි ඇති ජීවත්වීමේ අරගලයේදී
තිබෙන දැඩි සම්බන්ධය සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ගොවිජනතාව සහ ප්‍රදේශයේ මහා සංඝරත්ණය දැනුවත් කිරීමට තිබුනි.
එවිට මෙවැනි ගැටළුවක් පැනනගී නම් ව්‍යාපෘතිය
කිරීම හෝ නැවැත්වීමට මුලින්ම තීරණයක් ගත හැකිව තිබුනි.
මෙම ප්රශ්නය මතුවීමේදී තිසා වැව, කුරුණෑගල නගරයේ වැව, නුවරවැව සහ තිස්සමහාරාම වැව මෙවැනි ඇවිදින මංතීරු දමා ඇතිබව සමාජ වෙබ් අඩවි වල පෙන්වා තිබුනි. එහෙත් එම වැව් වලට වඩා පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ තාක්ෂණික වෙනස්කම් රාශියක් ඇත.
පරාක්‍රම සමුද්‍රය සෑදී ඇත්තේ විශාල වැව් 3ක් එක් කිරීමෙනි. ඒ තුළ ඇතිවන ජල ධාරිතාවය ඉහතකී අනෙකුත් වැව් වලට වඩා අති විශාලය.
පසුගිය කාලයේ මාගේ මැදිහත්විම තුළද පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම ශක්තිමත් කිරීමට ලෝක බැංකු ආධාර යටතේ රුපියල් කෝටි සිය ගණනක් වියදම්කර පරාක්‍රම සමුද්‍රයේ ජලමට්ටම අඩියක් වැඩිකිරීමද, ඉංජිණේරුවරුන් විසින් වැව් බැම්ම ශක්තිමත් කිරීමද කරනු ලැබීය.
මෙවැනි ව්‍යාපෘතියක් කිරීමේදී මාගේ අත්දැකීම් හැටියට ප්‍රධාන කරුණු 3ක් ඉටුවිය යුතුවේ.
- ව්‍යාපෘතිය පිළිබඳව සක්‍යතා අධ්‍යයනයක් කිරීම.
-
විශේෂඥයින්ගෙන් උපදේශණ සේවයක් ලබාගැනීම
-
ඉදිකිරීම.
(මෙම කරුනු 3 ආයතන 3කින් සිදුකල යුතුයි)
මෙහිදී මෙම කරුනු තුන කොතෙක් දුරට සම්පූර්ණවීද යන්න මා නොදනිමි. ශ්‍රී ලාංකීය වාරි තාක්ෂණයේ විශිෂ්ට නිරිමාණයක් වූ පරාක්‍රම සමුද්‍රය වැනි අතිවිශාල ජලාශයකට කුමන ව්‍යාපෘතියක් සඳහා හෝ අත තැබීමේදී ඉතා සැලකිල්ලෙන්, වාරි තාක්ෂණයේ විද්‍යාත්මක දැනුවත්කමකින් යුතුව කිරීම ගොවිජනතාව සහ මහා සංඝරත්ණය බලාපොරොත්තුවීම සාධාරණය.
මෙම ප්‍රශ්නයට පහසුම විසදුම නම් දැනට යෝජිත ජලාශයේ බටහිර පැත්තෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපෘතිය නවත්වා, පරාක්‍රම සමුද්‍රයේ මහවේල්ල නැගෙනහිර අවසාන කොටසින් එහාපැත්තේ ඇති වෙල්යාය අතර අඩිපාරක් වැනි ප්‍රදේශයේ යෝජිත ඇවිදින මංතීරුව සැදීමය.
ඉහත කී සියලු තත්ත්වයන් සැලකිල්ලට ගැනීමද ගොවිජන සංවිධාන වල සහ මහා සංඝරත්නයේ එකඟතාවය මේ සියලු කටයුතු වලට ලබාගැනීමද අත්‍යවශ්‍ය වේ යැයි එහි සඳහන්ය.