Home දේශීය පුවත් කොවිඩ් මළ සිරුරු භූමදානයට තවත් ඉඩම් සොයයි

කොවිඩ් මළ සිරුරු භූමදානයට තවත් ඉඩම් සොයයි

0
කොවිඩ් මළ සිරුරු භූමදානයට තවත් ඉඩම් සොයයි

කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කෙරෙන මඩකලපුව ඔට්ටමාවඩි හී පිහිටි භූමියේ ඉඩකඩ මේ වන විට ප්‍රමාණවත් නොවන ත්ත්වයකට පත්ව තිබේ.

එබැවින් මුලින් තෝරාගත් භූමයට යාබදව ඇති තවත් අක්කර දෙකක පමණ භූමියක්ද භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු සදහන් කළේය. ඒ තත්වය මත කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමට මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අංශය විසින් ත්‍රිකුණාමලය, අම්පාර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ඉඩම් සොයමින් සිටින බව එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව ඔට්ටමාවඩි භූමියේ ඊයේ වන විට වලදැමූ කොවිඩ් මළ සිරුරු ගණන 2264 කි. ඉස්ලාම් ආගමිකයන්ගේ මළ සිරුරු 2070 ක්ද, හින්දු ආගමියන්ගේ මළ සිරුරු 98 ක්ද, බෞද්ධ ආගමිකයන්ගේ මළ සිරුරු 55 ක්ද, කතෝලික ආගමිකයන්ගේ මළ සිරුරු 41 ක්ද ඒ අතර වන බව සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here