Home දේශීය පුවත් පුනරින් මුහුදෙන් හමුවූ දෑත් දෙපා ගැට ගැසූ මළ සිරුරේත් කොවිඩ්

පුනරින් මුහුදෙන් හමුවූ දෑත් දෙපා ගැට ගැසූ මළ සිරුරේත් කොවිඩ්

0
පුනරින් මුහුදෙන් හමුවූ දෑත් දෙපා ගැට ගැසූ මළ සිරුරේත් කොවිඩ්

පූනරීන් සංගුපිඩ්ඩි පාලම අසල මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් අත්පා ගැටගැසූ මළ සිරුර සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී මිය ගොස් සිටින පුද්ගලයාට කොවිඩ් ආසාදිතව ඇතැයි අද (30) තහවුරු වී තිබේ.

මාළු දැලකින්ද ඔතා තිබුණු එම මළ සිරුර දින කිහිපයකට පෙර සොයා ගන්නා විටත් බොහෝ සේ නරක්ව තිබණු බව උතුරු පළාත්භාර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා සදහන් කළේය.

මිය ගොස් ඇති පුද්ගලයා කවුරුන්දැයි හදුනාගෙන නැති අතර පොලීසිය විශ්වාස කරනුයේ මෙම මරණය ඝාතනයක් විය හැකි බවයි. මළ සිරුර හමුවන්නේද මාර්ගයේ ගමන් කළ පිරිසක් විසින් එය දැක පොලීසියට කරන දැනුම් දීමකට අනුවය.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here