Home දේශීය පුවත් කොවිඩ් වලින් ගැබිණි මවුවරු 32 ක් මිය ගිහින්

කොවිඩ් වලින් ගැබිණි මවුවරු 32 ක් මිය ගිහින්

0
කොවිඩ් වලින් ගැබිණි මවුවරු 32 ක් මිය ගිහින්

ගැබිණි මවුවරු 32 දෙනෙක් මේ වන විට කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කරන්නීය.

මෙතෙක් ගැබිණි මවුවරු 4,200 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඇති බවත් මේ වන විට 900 ක් පමණ දෙනා රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා බවත් ඇය සදහන් කරන්නීය.

පවුල් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සදහන් කළාය.

එහිදී ඇය වැඩිදුරටත් සදහන් කරනු ලැබුවේ මෙරට ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවය.

ගැබිණි මවකට කොවිඩ් ආසාදනය වුවහොත් සංකූලතාවලට ලක්වීමේ ඉඩකඩ වඩාත් වැඩි බැවින් එන්නත ලබාගැනීමට උනන්දුවන ලෙස ගැබිණි මව්වරුන්ගෙන් ඇය ඉල්ලීමක්ද කලාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here