
අංජනා මල්ලවාරච්චි
රට තුළ කොවිඩ් වසංගතය තදින් පැතිරයමින් තිබෙන හෙයින් ලීසින් හා කල්බදු ලබාගත් පිරිසට යම් සහනයක් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය සඳහන් කරයි.
ඔවුන්ගේ ආදායම් මාර්ග අවහිර වී තිබෙන බවද ලීසිං එම නිසා වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවද ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා කීය.
සංචාරක, අධ්‍යාපන, ආනයන අපනයන යන ස්වයං රැකියා හෝටල් ආදී ලෙස ගණනාවක විශාල පිරිසක් මේ වන විට ලීසිං හා ණය වාරික ගෙවාගත නොහැකිව අසරණව සිටින බවද ඔහු කීය.
එමනිසා එම පිරිසට වහාම සහනයක් සලසා දීමට රජය පියවර ගතයුතු යැයිද ඔහු සඳහන් කළේය.