තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන් හමුදාවෙන් ගල්ගමුව රෝහලට පරිත්‍යාගයක්

    ගුවන් හමුදාවෙන් ගල්ගමුව රෝහලට පරිත්‍යාගයක්

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහලට පරිත්‍යාග කර ඇත.

    කොවිඩ්-19 ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික
    කඳවුරේ වැඩ බලන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එන් සපුගස්තැන්න මහතා විසින් වෛද්‍ය
    අනුරංග සේනානායක මහතා වෙත නිල වශයෙන් මෙය ඊයේ (28) දින භාර දී තිබේ.

    ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගය හා ගුවන් හමුදා
    රත්මලාන මුලික කදවුරු විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය එක්ව මෙම තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය නිපදවා ඇත.

    මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුරේ නිලධාරීන් හා සෙසු
    නිලයන් කිහිපදෙනෙකු හා ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහලේ කාර්යය මණ්ඩලයේ සුළු පිරිසක් සහභාගි වී සිටි බන ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ පවසයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img