තවත්
    මුල් පිටුවCOVIDඑන්නත් ගත් සංචාරකයන්ට ලබන සඳුදා සිට UAE විවෘතයි

    එන්නත් ගත් සංචාරකයන්ට ලබන සඳුදා සිට UAE විවෘතයි

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය අගෝස්තු 30 දා සිට සියලුම රටවලින් කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් සංචාරකයන් සඳහා වීසා සඳහා අයදුම්පත් විවෘත කර තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව සංචාරක මාර්ගෝපදේශයන්ට අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අනුමත කරන ලද කොවිඩ් -19 එන්නත සංචාරකයින් ලබා ගෙන තිබීම අනිවාර්ය වේ.

    මෙම තීරණය කලින් තහනම් කර තිබූ රටවල් ඇතුළුව සියලුම රටවල්වල පුරවැසියන් සඳහා අදාළ වේ.

    එපමණක් නොව සංචාරක වීසා මත පැමිණෙන මගීන් පැමිණීමේදී ගුවන් තොටුපලේදී කඩිනමින් PCR පරීක්ෂණයක් කළ යුතුය.

    මගීන් තම එන්නත් කිරීමේ තත්වය රජයේ සෞඛ්‍ය යෙදුමේ ලියාපදිංචි කළ යුතුය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් ඇස්ට්‍රාසෙනෙකා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, මොඩර්නා, ෆයිසර්-බයෝඑන්ටෙක්, සිනොෆාම් සහ සිනෝවැක් යන එන්නත් අනුමත කර ඇති බැවින් මෙම එන්නත් ලබාගත් සංචාරකයන්්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට අවසර හිමිවනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img