අත්තනගල්ල හරහා ඊයේ රාත්‍රියේ හමාගිය දැඩි සුළඟකින් නිවාස 100 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල තොරතුරු සදහන් කරයි.
නිට්ටඹුව රන්පොකුණ ගම නිවාස යෝජනා ක්‍රමයේ පමණක් නිවාස 30 කට වැඩි ප්‍රමාණයක් සුළඟින් හානි වී ඇත.
මල්වත්ත මාඉඹුල, තිහාරිය සහ යටියන යන ප්‍රදේශවල නිවාසවලටද සුළගින් දැඩි හානි සිදුව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සදහන් කරයි. නිවාාස 60 කට වැඩි ප්‍රමාණයකට එම ප්‍රදේශවල හානි සිදුව තිබේ.
සුළඟින් වැඩි හානියක් සිදුව ඇත්තේ නිවාසවල වහලවල් වලටය. නිවාසවල සෙවිලි තහඩු කැඩී සුළඟට ගසාගෙන ගොස් ඇත. සුළු වශයෙන් ඇතැම් ස්ථානවල ගස් කඩාවැටීම්ද සිදුව ඇත.
සුළඟින් සිදුවූ හානි සම්බන්ධයෙන් තක්ෂේරුවක් මේ වන විට සිදුවෙමින් ඇතැයි ආාපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.