දඹානේ ආදිවාසී ගම්මානය සහ ඒ අවට ජීවත්වන ජනතාව වෙනුවෙන් කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් 44 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
පුද්ගලයින් 115 දෙනෙක් ඊයේ දින රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමුකර ඇති අතර 44 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ එහිදීය.
කොවිඩ් ආසාදිත අය අතර දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙක්ද සිටින බව සදහන්ය. ඇය මේ වන විට ප්‍රතිකාර සදහා මහියංගනය රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුලත්කර ඇත.