තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩි ආසාදිතවූවන් ආහාර සීමා කිරීම නොකළ යුතුයි

    කොවිඩි ආසාදිතවූවන් ආහාර සීමා කිරීම නොකළ යුතුයි

    කොවිඩ් ආසාදිතවීමට පෙර ශරීරයේ බර අඩුකර ගැනීමට සහ කොලොස්ටර්රෝල් ප්‍රමාණය අඩුකර ගැනීමට ආහාර සීමා කළ පුද්ගලයන් ආසාදිත වූ පසුව සුවය ලබන තෙක් එසේ නොකළ යුතු බව කොළඹ වෛද්‍ය පීඨයේ පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා පවසයි.
    ඒ අනුව කොවිඩ් ආසාදිත වූ පුද්ගලයන් ප්‍රධාන කෑම වේල් තුනම අනිවාර්යෙන් ලබාගත යුතු බවත් හැකිතරම් දියර හා වතුර පානය කිරීම වැදගත් බවත් වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා සඳහන් කරයි.

    දිනකට වතුර ලීටර් දෙක හමාරක්වත් පානය කිරීමට හැකිනම් එය වැදගත් වනු ඇතැයි හෙතම කියා සිටියේය.

    රෝගය වළඳුනු පසුව ආහාර ගැනීම, ජලය පානය කිරීම, ප්‍රමාණවත් නින්දක් ලැබීම,ව්‍යායාම කිරීම,මානසික සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා පවසයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img