තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රොකට් වේගෙන් යන ත්‍රීවිල් මිලට පාඩමක් - විදුලි ත්‍රීවිලරය ලබන වසරේ එයි

    රොකට් වේගෙන් යන ත්‍රීවිල් මිලට පාඩමක් – විදුලි ත්‍රීවිලරය ලබන වසරේ එයි

    අහස උසට ගොස් ඇති ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළ යාම හමුවේ ඊට අපූරු විසඳුමක් ලබාදෙමින් විදුලියෙන් පමණක් ධාවනය වන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නවතම ත්‍රිරෝද රථයක් ලබන වසරේ අප්‍රේල්-මැයි මාසය පමණ වනවිට මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට Vega innovations සමාගම සූදානම් වෙයි.

    විදෙස් රටල් කිහිපයකින් ද දැනටමත් ඉල්ලුමක් ලැබී ඇති මෙම නවතම පරිසර හිිතකාමී නිෂ්පාදනය හරහා, කොවිඩ් වසංගතය හේතුවෙන් දැවැන්ත ඩොලර් අර්බුදයක සිටින ශ්‍රී ලංකාවට ඩොලර් ගලාඑන අගනා මාර්ගයක් බවට පත්කරගැනීමට හැකියාව පවතින අතර රට තුළට වසරකට ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයාගැනීම සඳහා මෙය කදිම අවස්ථාවක් වනු ඇත.

    ලබන ජනවාරි මාසය වනවිට ත්‍රිරෝද රථ 7ක් මුළුමනින්ම නිෂ්පාදනය කිරීමටත් තවත් එකලස් කරන ලද ත්‍රිරෝද රථ 3ක් දිගු කාලයක් අඛණ් එහි අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා පවසයි.

    මෙම ත්‍රිරෝද රථය විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නිෂ්පාදනය අරඹන අතර මෙරට ජනතාවට පහසු මිලකට අඩුම පිරිවැයකින් ධාවනය වන සැපපහසු හා භාණ්ඩ ද රැගෙන යා හැකි පරිදි මෙය නිපදවන බව අධ්‍යක්ෂවරයා කියාසිටී.

    වේගා සමාගම විසින් මෙම විදුලි ත්‍රිරෝද රථය සැලසුම් කර, නිෂ්පාදනය ද මෙරට තුළම සිදුකිරීමට අපේක්ෂා කරයි. දැනටමත් මේ සඳහා අප්‍රිකාවේ ඉල්ලුමක් ලැබී ඇනවුම් සඳහා විමසුම් කෙරෙන බව හෙතෙම අනාවරණය කළේය.

    මෙම ත්‍රිරෝද රථය මුළුමනින්ම විදුලියෙන් ධාවනය වන බැවින් ඒ සඳහා එන්ජිමක් නැත. එක් වරක් චාර්ජ් කිරීමෙන් කිලෝ මීටර් 120 ක් අවම වශයෙන් ධාවනය කළ හැකි ය. වහළය මත සවිකළ සූර්ය පැනලය මගින් අව්වේ ධාවනය වෙමින් තිබියදී හා අව්වේ නවතා තිබියදී චාජ් වීමක් (ආරෝපණයක්) සිදුවන බැවින් අමතර දුරක් ධාවනය සඳහා එය ඉවහල් වෙයි.

    රියැදුරු ඇතුළුව පුද්ගලයන් සිව්දෙනකුට එහි ගමන් කළ හැකි අතර පසුපස ආසනය මෝටර් රථයක මෙන් නැවීමට හැකි නිසාත්, එන්ජිමක් නොමැති නිසා පසුපස පවතින ඉඩකඩ භාණ්ඩ රැගෙනයාමට විශාල ඉඩකඩක් මෙමගින් සපයාදෙනු ඇති බව ද අධ්‍යක්ෂවරයා පැහැදිලි කරමින් කියාසිටී.

    මෙම විදුලියෙන් ධාවනය වන ඉන්දියානු බජාජ් ත්‍රිරෝද රථයට වඩා මිලෙන් අඩු බව අධ්‍යක්ෂවරයා පවසයි.

    “එමෙන්ම එම ත්‍රිරෝද රථයට වඩා කාර්යක්ෂමතාවය වැඩි, වසර 5ක වියදම ඉතාම අවම, සැපපහසු රථයක් විදහටයි අපි සැලසුම් කර තිබෙන්නේ. මේක Made in Sri Lanka නිෂ්පාදනයක් කියල කියන්න පුළුවන්. වේගා මෝටර් රථයේ වගේම මෙම විදුලි ත්‍රිරෝද රථයේ සියළු සැලසුම් නිර්මාණය කළේ ලංකාවේ ඉංජිනේරුවන්.” අධ්‍යක්ෂවරයා කීය.

    මෙම විදුලි ත්‍රීරෝද රථ සඳහා 2027 දී ඩොලර් බිලියන 32.65 ක ගෝලීය වෙළෙඳපොළක් එම සමාගම අපේක්ෂා කරයි.

    ජාත්‍යන්තරයට හඳුන්වා දුන් සුපිරි වේගා මෝටර් රථය ශ්‍රී ලංකාව තුළදී නිෂ්පාදනය කළේද මෙම විදුලි ත්‍රිරෝද රථය නිෂ්පාදනය කරන Vega innovations සමාගම ය.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img