Home දේශීය පුවත් බන්ධනාගාර ගතකර සිටින චමීර කොස්වත්ත සහ සිසු නායකයන් දෙදෙනකුට කොවිඩ්

බන්ධනාගාර ගතකර සිටින චමීර කොස්වත්ත සහ සිසු නායකයන් දෙදෙනකුට කොවිඩ්

0
බන්ධනාගාර ගතකර සිටින චමීර කොස්වත්ත සහ සිසු නායකයන් දෙදෙනකුට කොවිඩ්

කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණය කරමින් රාජ්‍ය දේපල වලට හානි කිරීම සහ මහරගම පොලිස් ස්ථානය ස්ථානාධිපතිවරයාට තුවාල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයකින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත , අන්තර් විශ්වවිද්‍යාලයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප යන තිදෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇතැයි තහවුරු වී තිබේ.

මෙම තිදෙනා රඳවා සිටින බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බදුල්ල තල්දෙන රැදවුම් මධ්‍යස්ථානයේ දී කළ පී.සී.ආර්.පරීක්ෂාවක දී ඔවුන් කොවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බව සඳහන්ය.

මේ තිදෙනාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 03 සහ 05 යන දිනවලදී ය. කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුලින්ම එකොළොස් වැනි දා දක්වා පසුව 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. පසුව එම කාලය තවදුරටත් දීර්ඝ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here