තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඩුබායි ඉදන් ආපු බඩු පෙට්ටියේ සැඟවූ දුම්වැ ටි සහ මත්ද්‍රව්‍ය එස්.ටී.එෆ් දැලේ

    ඩුබායි ඉදන් ආපු බඩු පෙට්ටියේ සැඟවූ දුම්වැ ටි සහ මත්ද්‍රව්‍ය එස්.ටී.එෆ් දැලේ

    පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය විසින් කැලණිය ඊරියවැටියේ කළ වැටලීමකින් කොකනේ නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග තීරුබදු නෙගෙවා හොර පාරෙන් මෙරටට රැගෙන පැමිණි දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ.

    සොයාගත් කොකේන්වල වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වන බවත් දම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ 05 ක් පමණ වටිනා බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

    කො‍කේන් සමග අත්අඩංගුවටගත් සැකකරු සංඛ නැමැති අයෙකි. මේ පුද්ගලයා පසුගිය ජූලි 11 වෙනිදා එක්සත් එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බවද අනාවරණය වී ඇත. මේ වන විට එක්සත් එමීර් රාජ්‍යයේ රැදී සිටිමින් මෙරට මත්කුඩු ජාවාරම් මෙහෙයන පුද්ගලයින් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති මෙම සංඛ නැමැති පුද්ගලයා මෙම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඇතැයි හෙළිවී ඇත්තේ මෝටර් රථවල භාවිතා කරන හෙඩ් රෙස්ට් තුළ සඟවා බව හෙළිවී ඇතැයි විශේෂ කාර්ය බලකාය සදහන් කරයි. නෞකා භාණ්ඩ අතර මෙරටට රැගෙන පැමිණි එම කොකේන් සැගවූ හෙඩ් රෙස්ට් ඇතුළු භාණ්ඩ නිදහස්කරගෙන ඇත්තේ පසුගිය ඊයේ(26) ය.

    ශ්‍රී ලංකා වරයා අධිකාරියට අයත් පෑලියගොඩ නුගේපාරේ පිහිටි සැපයුම් ආයතනයක් තුළ නිෂ්කාශනය කිරීමෙන් පසු කුලීපදනම මත ලබාගත් ලොරි රථයකින් ඔහු තමන් පදිංචිව සිටින ඊරියවැටිය පාසල් මාවතේ නිවසට එම භාණ්ඩ තොගය රැගෙන ගොස් තිබේ. විශේෂ කාර්ය බලකායට මේ සම්බන්ධයෙන් කල්තියා ලද තොරතුරකට අනුව බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායමක් සැකකරුගේ නිවස ඉදිරිපිට රැදී සිට භාණ්ඩ පරීක්ෂාකර කොකේන් සහ දුම්වැටි තොගය සොයාගෙන තිබේ. ඒ අනුව සැකපිට ලොරි රථයේ රියදුරුද අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img