Home COVID අංගොඩ රෝහල බරපතළ අර්බුදයක

අංගොඩ රෝහල බරපතළ අර්බුදයක

අංගොඩ රෝහල බරපතළ අර්බුදයක

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ කොවිඩ් රෝග පැතීරීම බරපතළ තත්ත්වයකට පැමිණ ඇති බැවින් ඒ පිළිබඳ වහා පියවර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු පිරිසක් රෝහල් අධ්‍යක්ෂවරියට දන්වා ති‍බේ.

එම රෝහල‍ේ මානසික රෝගීන් 380ක් පමණ සිටින අතරමැදි නිවස්නයේ රෝගීන් 100කට පමණ කොවිඩ් ඇතැයි තහවුරු වී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

දැනටත් කොවිඩ් 65 දෙනකු රෝහල තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව එම ලිපියේ දැක්වේ.

බොහෝ රෝගීන් ඉතා වයස්ගත අය වන බවත් ඔවුන් බරපතළ තත්ත්වයේ පසුවන අතර ‍වෛද්‍ය නිලධාරීන්ගේ අඩුවීම ද තතත්වය වඩාත් බරපතළ තැනකට ඇදදමා ඇතැයි ඔවුහු පෙන්වා දී ඇත.

අතරමැදි නිවස්නයේ වෛද්‍ය නිලධාරීන් 7 දෙනකු සිටිය යුතු වුවත් මේ වනවිට සිටිනුයේ 4 දෙනකු බැවින් කොවිඩ් ආසාදනය වෙමින් සිටින මෙම රෝගීන් කළමනාකරණය ඉතාම අසීරු වී ඇතැයි එහි සඳහන් ය.

පවතින දැඩි ආතතිය, ධාරිතාව කිහිප ගුණයක් ඉක්මවා කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාම, පහසුකම් අවම වීම හමුවේ බරපතළ අර්බුදයක් මතුව ඇති බැවින් කොරෝනා ඒකකය වෙත වෙනම වෛද්‍ය නිලධාරීන් පත්කිරීමටත්, සිටිය යුතු අවම වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව වන 7 දෙනකු යළි සේවයේ යෙදවීමටත් වහා කටයුතු කරන ලෙස ද ඔවුහු සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here