තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාබුල් ගුවන්තොට පිටත පිපිරීමක්

    කාබුල් ගුවන්තොට පිටත පිපිරීමක්

    ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපල ඉදිරිපිට විශාල පිපිරීමක් සිදුවූ බව අමෙරිකානු හමුදාව තහවුරු කරයි.

    මෙම පිපිරීම සිදුව ඇත්තේ එරටින් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම්හි නිරත අමෙරිකානු හමුදාව විසින් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ගුවන් යානයට නංවා ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටින අතරතුර ය.

    මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ගැන අනතුරු අඟවමින් රටවල් කිහිපයක්ම කාබුල් ගුවන් තොටුපලෙන් වහා ඉවත් වන ලෙසට පෙරවරුවේ ජනතාවට දැනුම් දී තිබුණි. මේ වනවිට තලේබාන් ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කරගෙන සිටියද කාබුල් ගුවන්තොටුපල තවමත් අමෙරිකානු හමුදා යටතේ පවතී.

    අමෙරිකාවේ ආරක්ෂක මධ්‍යස්ථානය වන පෙන්ටගනය මෙම පිපිරීම තහවුරු කළ අතර, ජීවිත හානි පිළිබඳව ක්ෂණික තොරතුරක් දක්වා නැත.

    “කාබුල් ගුවන් තොටුපලෙන් පිටත පිපිරීමක් ගැන අපට තහවුරු කළ හැකියි. මේ වන විට සිදු වූ හානි ගැන අපැහැදිලිය. අපට හැකි විට අපි අමතර විස්තර ලබා දෙන්නෙමු,” පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසීය.

    මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගුවන් තොටුපළට පහර දෙන බවට තර්ජනය කරන බවට තමන්ට බුද්ධි තොරතුරු ලැබී තිබූ බව අමෙරිකාව සහ පාක්ෂික බුද්ධි අංශ පවසා තිබේ.

    එරට දේශීය ප්‍රවෘත්ති නාලිකාවක් විසින් තුවාලකරුවන් රැගෙන යන සේයාරූ බව සඳහන් කරමින් පහත ඡායාරූප පළකර තිබුණි.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img