තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට තුළ නිෂ්පාදනය කරලත් ඖෂධ කිහිපයක් හිඟ බවට චෝදනා

    රට තුළ නිෂ්පාදනය කරලත් ඖෂධ කිහිපයක් හිඟ බවට චෝදනා

    අංජනා මල්ලවාරච්චි

    රට තුළ බරපතළ ලෙස ඖෂධ හිඟයක් මතුව ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සඳහන් කරයි.

    දින ගණනාවක් තිස්සේ ඔසුසල විටමින් සී, පැරසිටමෝල් සහ ත්‍රයිරොක්සින් වැනි ඖෂධවල හිඟයක් පවතින බව ද සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිශාන්ත දිසානායක මහතා පැවැසීය.

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පැරසිටමෝල් හා විටමින් සී නිෂ්පාදනය කළද එය ප්‍රමාණවත් නැතැයි ද නිශාන්ත දසනායක මහතා කීය.

    ඖෂධ නිෂ්පාදනයේ සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉකුත්දා ඖෂධවල මිල සියයට 17 කින් පමණ ඉහළ නැංවූ බව ද ඖෂධ අනවශ්‍ය ලෙස මිලදී ගැනීම පාලනය කිරීමට එලෙස මිල ඉහළ නැංවූ බවද රාජ්‍ය අමාත්‍යවරයා කිව්වද එය පිළිගත නොහැකි නො හැකි තර්කයක් යයිද නිශාන්ත දසනායක මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img