Home උණුසුම් පුවත් පාස්කු ප්‍රහාරය ගැන කියවූ තරුණයා ගෙන් පැය 07 ක් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරය ගැන කියවූ තරුණයා ගෙන් පැය 07 ක් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

0
පාස්කු ප්‍රහාරය ගැන කියවූ තරුණයා ගෙන් පැය 07 ක් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් විමර්ශන වලට එහා ගිය මතයක් ප්‍රකාශ කළ තරුණයෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 7 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටින එම තරුණයා ෂෙහාන් මාලක ගමගේ නැමැති අයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තරුණයාව අද දිනයේත් කැඳවා තිබේ.

තරුණයා මාධ්‍ය හමුවක් පවත්වමින් ඉකුත් සතියේ සඳහන් කරනුයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් කළ මත විමසුමක තොරතුරු හෙළි කළේය.

මාධ්‍ය වාර්තා ,දේශපාලනඥයින් කරන ප්‍රකාශ, සමාජ මාධ්‍ය ජාලා තොරතුරු යොදාගනිමින් යොදා ගනිමින් මෙම මත විමසුම ඔහු විසින් කර තිබුණි.

පොලිසියේ උසස් නිලධාරිිිිිිිිියෙක්සඳහන් කරනු ලැබුවේ විවිධ පුද්ගලයන් දරන මත ඔහු එසේ ප්‍රකාශ කිරීම තුළින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජගත වන බවයි.එම තරුණයා රැස්කරගත් විවිධ පුද්ගලයන්ගේ මතයන්ට අනුව සහ ඔහු කළ ප්‍රකාශ වලට අනුව පාස්කු ප්‍රහාරය දේශපාලන අරමුණකින් සිදු වූ බවට සමාජය තුළ මතයක් ගොඩ නැගෙන බවයි

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ලබා දෙන ලෙසයි.එසේ නොමැතිව තැන තැන වැරදි මත පළ නොකර සිටින ලෙසට ඔහු ඉල්ලීමක් ට කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here