ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විදින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබාදීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් උපදේශක මණ්ඩලයක් පත්කර තිබේ.
ඒ් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබාදීම සඳහා ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම උපදේශක මණ්ඩලය පත්කර ඇත.
1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව එම පත් කිරීම සිදුකර ඇති බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පැවසීය.
හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කර සිටිති.
දීර්ඝ කාලයක සිට උපදේශක මණ්ඩලයක් පත්කර නොතිබීම හේතුවෙන් මෙතෙක් සිරගතව සිටින පිරිසට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොතිබුණි.
මෙම උපදේශක මණ්ඩලය පත් කිරීමත් සමග එම සිරකරුවන්ට ඔවුන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බවද හරිගුප්ත රෝහනධීර මහතා පවසයි.