Home උණුසුම් පුවත් මෑතදී වූ ගංවතුර-නාවික ආපදා පවුල්වලට රතු කුරුසයෙන් කෝටි 10ක මුල්‍යාධාර

මෑතදී වූ ගංවතුර-නාවික ආපදා පවුල්වලට රතු කුරුසයෙන් කෝටි 10ක මුල්‍යාධාර

මෑතදී වූ ගංවතුර-නාවික ආපදා පවුල්වලට රතු කුරුසයෙන් කෝටි 10ක මුල්‍යාධාර

අංජනා මල්ලවාරච්චි

ශ්‍රී ලංකාවට ඉකුත් කාලයේ ඇති වූ ගංවතුර සහ ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ඇති වූ නාවික අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් 6500 කට රුපියල් කෝටි දහයක මූල්‍ය ආධාර පරිත්‍යාග කර ඇතැයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සඳහන් කරයි.

ගංවතුරින් පීඩාවට පත් කොළඹ ගම්පහ කළුතර රත්නපුර පුත්තලම සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල පවුල් 3500කට එක පවුලකට රුපියල් 15750 බැගින් ලබා දෙන අතර නාවික අනතුරු හේතුවෙන් බලපෑමට ලක්වූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3000කට රුපියල් 15,000 බැගින් ලබාදීමට පියවර ගෙන ඇතැයි ද ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කියයි.

කිසිදු කොන්දේසියක් නොමැතිව මෙම මුදල් ලබා දෙන අතර ඔවුන්ට එම මුදලින් තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගත හැකි පරිදි ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here