Home දේශීය පුවත් අජිත් රෝහණටත් කොවිඩ්

අජිත් රෝහණටත් කොවිඩ්

0
අජිත් රෝහණටත් කොවිඩ්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතාටද කොවිඩ් ආසාදිතව ඇතැයි පොලිස් අභ්‍යන්තර තොරතුරු අනාවරණය කළේය.

දින තුනකට පෙර ඔහුට කොවිඩ් ආසාදිතව ඇතැයි තහවුරු වී තිබෙන බව එම තොරතුරු සදහන් කළේය. නිවෙස් ප්‍රතිකාර සදහා ඔහු යොමුවූ බවත් අද සවස් වන තුරුම ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බවත් පොලීස් තොරතුරු අනාවරණය කළේය.

මේ අතර අජිත් රෝහණ මහතා කොවිඩ් ආසාදිතව දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇති බවට අද රාත්‍රීයේ සමාජ මාධ්‍ය ජාල වල තොරතුරු හුවමාරුවීමටද පටන් ගත්තේය. ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පවා නිල වශයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොතිබුණි. මේ ගැන තොරතුරු දැන ගැනීමට අජිත් රෝහණ මහතාව සම්බන්ධකර ගැනීමට උත්සහ ගත්තද ඔහුගේ පුද්ගලික මෙන්ම රාජකාරි ජංගම දුරකතයද ක්‍රියා විරහිත කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here