Home COVID නිවසේ සිට ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන් 26,000කට සුවයි

නිවසේ සිට ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන් 26,000කට සුවයි

නිවසේ සිට ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන් 26,000කට සුවයි

අංජනා මල්ලවාරච්චි

නිවසේ සිට ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන් 26173 දෙනකු මේ වන විට සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයික සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය පැවැසුවාය.

මේ අතර අද(24) වන විට නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 9606 වන බව වෛද්‍යවරිය කීවාය.

නිවසේ රඳවා ප්‍රතිකාර කළ කොවිඩ් රෝගීන්ගෙන් රෝග තත්ත්වය උත්සන්න වී මේ දක්වා රෝහල්ගත කළ රෝගීන්ගේ සංඛ්‍යාව 370 ක් වන බවද එය නිවසේ රඳවා ප්‍රතිකාර කළ රෝගීන්ගෙන් සියයට 1.4 ක් පමණක් බව ද වෛද්‍යවරිය කීවාය.

නිවසේ සිට ප්‍රතිකාර ලබන රෝගීන්ට දුරකථන මාර්ග ඔස්සේ උපදෙස් දීමට වෛද්‍යවරුන් 900 දෙනෙකු සූදානමින් සිටින බවද අධ්‍යක්ෂවරිය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here