තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොලිස් අත්අඩංගුවේදී මැරී වැටුණු පුද්ගලයා ට කොවිඩ්

    පොලිස් අත්අඩංගුවේදී මැරී වැටුණු පුද්ගලයා ට කොවිඩ්

    නීති විරෝධි මත්පැන් සන්තකයේ තබා ගැනීමක් සම්බන්ධයෙන් මතුගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවේදී කොවිඩ් නිව්මෝනියාවෙන් මිය ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

    එම සැකකරුව මතතුගම පොලීසියේ නිලධාරීන් විසින් යටදොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා(22) ය.

    පොලීසිය සදහන් කරනු ලැබුවේ ඔහුව පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී හදිසියේම ඇතිවූ රෝගී තත්වයක් මත වෑත්තෑව රෝහලට ඇතුලත් කළ බවත් එහිදී ඔහු මිය ගිය බවත්ය.

    40 හැවරදි වියේ පසුවන එම පුද්ගලයාගේ පවුලේ ඥාතීන් සදහන් කරන්නට වූයේ පොලීසිය ඔහුට පහරදෙමින් රැගෙන ගිය බවකි.

    වෑත්තෑව රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කරන්නට වූයේ එම පුද්ගලයාව රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවකි.

    පොලිස් අභ්‍යන්තර තොරතුරු සදහන් කරන්නේ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන යමින් සිටියදී සිහිසුන්වී ඇති බවත් එහිදී බියට පත්වූ නිලධාරීන් ඔහුව රෝහලට රැගෙන ගොස් ඇති බවත්ය.

    මෙම මරණය සැකකටයුතු වූ බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය වී ඇත. ඊට පෙර ඊයේ (23) කළ පී.සී.ආර්. පරීක්ෂාකවකදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

    එම පුද්ගලයාට පොලීසිය පහරදුන් බව සදහන් වීම හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය වූ බැවින් අද (24) දිනයේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ රෝහලේදී සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ එම පුද්ගලයාගේ මරණය සිදුව ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් බව අධිකරණ වෛද්‍යවරයා විසින් තහවුරුකර ඇති බවය. එසේම මෘත දේහයේ භාහිර හෝ අභ්‍යන්තර පහරදීමකින් හෝ වෙනත් ආකාරයකින් සිදුවූ තුවාල කිසිවක් නොමැති බවද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img