Home COVID ඊයේ කොවිඩ් මරණ 190ක් – අද ආසාදිතයන් 3315ක්

ඊයේ කොවිඩ් මරණ 190ක් – අද ආසාදිතයන් 3315ක්

ඊයේ කොවිඩ් මරණ 190ක් – අද ආසාදිතයන් 3315ක්

මෙරට තුළ ඊයේ (23) දින සිදුවූ බවට තහවුරු කර ඇති තවත් කොවිඩ් මරණ ගණන 190ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබේ.

එම මරණ සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,750ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 77 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 113 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

මේ අතර එම මරණ අතර අවුරුදු 30ට අඩු එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ද වෙයි.

අද දිනයේ මේ දක්වා මෙරට තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 3,315 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here