Home COVID හිටපු මුදල් ඇමති මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් ඇමති මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් ඇමති මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් ආසාදනය වීම හේ්තුවෙන් දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු පසුගිය කාලය පුරා ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

මියයන විට ඔහු 65 වැනි වියෙහි පසුවිය.

මංගල සමරවීර මහතා අවසන් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ‍යේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු ලෙස ය.

1983 දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර ප්‍රධාන සංවිධායකවරයා ලෙස දේශපාලනයට පිවිසියේය.

2007 වසරේදී ඔහු ශ්‍රීලනිප (මහජන) පාර්ශ්වය හෙවත් ම’ පාර්ශ්වය නමින් හැඳින්වූ නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කළේය.

2019 ජනාධිපතිවරණයෙන් පසු, සමරවීර මහතා 2020 දී ආරම්භ කරන ලද සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් අලුතින් පිහිටුවන ලද සමගි ජන බලවේගය සමඟ සම්බන්ධ විය.

2020 ජූනි මාසයේදී ඔහු 2020 අගෝස්තු 5 දින පැවැත්වීමට නියමිත 2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බව නිවේදනය කර තිබුණි.

එම වසරේ ජුනි 9 වන දින ඔහු තමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වන බව ද නිවේදනය කළේය.

සිය දේශපාලන දිවිය තුළ ඔහු මුදල්, විදේශ, ජනමාධ්‍ය ආදී අමාත්‍ය ධුර ගණනාවක් හෙබවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here