අංජනා මල්ලවආරච්චි
කොරෝනා ආසාදිතයින් ප්‍රධාන කෑම වේල් තුනම අනිවාර්යෙන් අනිවාර්යයෙන් ලබා ගත යුතු බවත් හැකි තරම් දියර හා වතුර පානය කිරීම වැදගත් බවත් කොළඹ වෛද්‍ය පීඨයේ පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා කීය.
ආහාර ගැනීම, ජලය පානය කිරීම, නිදා ගැනීම, ව්‍යායාම කිරීම, මානසික තත්වය යහපත් කර ගැනීම කරගැනීම කොරෝනා රෝගීන් අත්‍යවශ්‍ය බවද ඔහු කීවේය.
ආහාර ගැනීම, කොවිඩ් සෑදීමට පෙර ගත් ආකාරයටම ගත යුතු අතර, පිෂ්ඨය විටමින් සහ ප්‍රෝටීන ලැබෙන සේ පෝෂදායි ආහාර වේල් තුනක් ගැනීම අත්‍යවශ්‍ය බවද ඔහු කීය.
එක් වේලකට එළවළු වර්ග තුනක්වත් අයත් විය යුතු අතර මැල්ලුමක් එක්කර ගැනීම ඉතා යහපත් බව ද මහාචාර්යවරයා කීය.
කිරි යෝගට් රටකජු වැනි අතුරු ආහාර මගින් ශරීරයට හොඳ ප්‍රතිශක්තියක් හිමිවන බවද රනිල් ජයවර්ධන මහතා කීය.
රෝගියකු හැම විටම ශරීරයේ වතුර මට්ටම හොඳින් තබා ගත යුතු අතර දිනකට වතුර ලීටර් දෙකහමාරක් වත් පානය කිරීම අවශ්‍ය බව ද ඔහු කීය.
කොවිඩ් රෝගීන්ට කැද පොල්පලා රණවරා තේ දෙහි යුෂ ආදිය පානයෙන් ද ශරීරයට ජලය ලබා දිය යුතු බව ඔහු කීය.