
අංජනා මල්ලවආරච්චි
නිවසේ සිට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට 1390 දුරකථන අංකය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි සේවාවක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
බස්නාහිර පළාතේ නිවසේ සිට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට එම දුරකථන අංකය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබා ලබාගැනීම කළ හැක්කේ ඒ සඳහා ලියාපදිංචි වීමෙන් පසුව බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් එම ලියාපදිංචිය ලබා ගත හැකි බව ද එම අමාත්‍යාංශය කියයි.
නිවසේ සිට ප්‍රතිකාර ලබාගන්නා ලබාගන්නා රෝගියකු වයස අවුරුදු 65 ට නොවැඩි විය යුතු අතර නිදන්ගත රෝගවලින් හෝ වෙනත් සංකූලතාවලින් තොරවිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.