Home උණුසුම් පුවත් ඉදිරියේදී ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධයක්!

ඉදිරියේදී ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධයක්!

ඉදිරියේදී ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධයක්!
A Taliban fighter looks on as he stands at the city of Ghazni, Afghanistan August 14, 2021. REUTERS/Stringer NO RESALES. NO ARCHIVES

තලේබාන් සංවිධානය විසින් බලය බෙදාගැනීමට එකඟ නොවන්නේ නම් රට අල්ලා ගැනීමෙන් පසුව සිවිල් යුද්ධයක් ඇතිවනු ඇතැයි ඇෆ්ගනිස්ථානයේ එක් ප්‍රධාන විපක්ෂ නායකයෙක් අනතුරු අඟවා තිබේ.

රටේ අනාගතය පිළිබඳ සාකච්ඡා සඳහා තලේබාන් සංවිධානය එකඟ නොවන්නේ නම් යුද්ධය නොවැලැක්විය හැකි බව අහමඩ් මසූඩ් විසින් මෙලෙස අනතුරු අඟවා ඇත.

කාබුල් ගුවන් තොටුපලේ නොසන්සුන්කාරී හා මංමුලා සහගත දර්ශන තවදුරටත් දක්නට ලැබේ. ඇෆ්ගනිස්ථානයට අනුබද්ධ අමෙරිකානු කණ්ඩායම් සහ අමෙරිකානුවන් ඉවත් කරගැනීම අඛණ්ඩව සිදුවන බැවින් බොහෝ දේ වැරදී යා හැකි බව අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

ඇෆ්ගනිස්ථානයේ පවතින වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් රාජධානිය විසින් ජී 7 රාජ්‍යයන්ට ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here