Home COVID සමස්ත ජනගහනයෙන් බාගෙකට එක් කොවිඩ් එන්නත් මාත්‍රාවක් දී අවසන්

සමස්ත ජනගහනයෙන් බාගෙකට එක් කොවිඩ් එන්නත් මාත්‍රාවක් දී අවසන්

සමස්ත ජනගහනයෙන් බාගෙකට එක් කොවිඩ් එන්නත් මාත්‍රාවක් දී අවසන්

අංජනා මල්ලවාරච්චි

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 25%කට පමණ එන්නත් මාත්‍රා දෙකම අද වනවිට ලබාදී අවසන් බව ද කොළඹ වසංගත විද්‍යා ඒකකය සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා අංශයේ කොළඹ වැඩ බලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කීය.

සමස්ත ජනගහනයෙන් සියයට 55 කට පමණ එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා දී තිබෙන බවද ඔහු කීය.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි ජනගහනයට එන්නත ලබාදීමට නම් එන්නත් මාත්‍රා මිලියන 23ක් අවශ්‍ය බවද ඉන් එන්නත් මාත්‍රා මිලියන 20ක් පමණ දැනටමත් අපට ලැබී තිබෙන බව ද ඒ මහතා කීය.

සැප්තැම්බර් මාසයේ සිට වයස අවුරුදු 18ත් 30ත් අතර වයසේ පසුවන පිරිසට ද එන්නත් දීමට සැලසුම් කර ඇතැයි විශේෂඥ වෛද්‍ය සමිත මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here