කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි චී ඇති පවුල් සඳහා රු.2,000ක දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එම දීමනාව ගෙවන ලෙස ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සමලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දන්වා තිබේ.
මෙම දීමනාව ගෙවීම සඳහා රජයෙන් කිසිඳු දීමනාවක් නොලබන අඩු ආදායම්ලාභී ජීවනෝපාය අහිමි වූ පවුල් පමණක් තෝරා ගත යුතු බවට දන්වා ඇත.
ඒ අනුව, රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් ලබන්නේ නැත.
මෙම ප්‍රතිලාභ ගෙවීමට අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන භාණ්ඩාගාරය චිසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී ඇත.
ඒ අනුව, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභ ග්‍රාමීය කමිටුවේ සභාය ඇතිව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් සේවයේ නියුතු නිලධාරීන් මඟින් සෞඛ්‍ය මාර්ගොපදේශවලට අනුගත වෙමින් සුදුසු ක්‍රමවේදයක් යටතේ ප්‍රතිලාභීන් සඳහා මෙම දීමනාව ගෙවීමට කටයුතු කළ යුතු බවට එම කාර්ය සාධක බළකාය විසින් නියෝග කර ඇත.
එම දීමනාව අදාළ ප්‍රතිලාභියා විසින් ලබාගත් බවට සහතිකයක් ලබා ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද එම නියෝගයේ සඳහන් වේ.