තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට පැන හැංගුණු අර්ජුන් මහේන්ද්‍රන් නමත් වෙනස් කරයි

    රට පැන හැංගුණු අර්ජුන් මහේන්ද්‍රන් නමත් වෙනස් කරයි

    අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු ලබා සිටින හිටපු මහ බැංකු අධිපති , අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම “හර්ජාන් ඇලෙක්සැන්ඩර් “ යනුවෙන් වෙනස් කර ගෙන තිබේ.

    මේ බව ජාත්‍යන්තර පොලීසිය දැන්වූ බව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද දැනුම් දී ඇත.

    බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන උදර්පණ නීති ක්‍රියාදාමය තුළ සංශෝධනයක් කිරීමට අවශ්‍ය දැයි නීතිපතිවරයා විසින් සිංගප්පූරු නීතිපතිවරයාගෙන් විමසීමක් කර තිබේ.

    රජයේ නියෝජ්‍ය සොලිස්ටර් රණසිංහ මහතා අධිකරණය වෙත කියාසිටියේ එවැනි සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවට සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇති බවයි.

    මෙම නඩුව තුළද සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබදව ඉදිරියේ දී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුනි.

    මෙම වංචාවට අදාළ නඩුව අද (16) සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණ.

    මෙම නඩුවේ 10 වන විත්තිකරු ලෙස නම් කර සිටින “අජහාන් ගාර්දිය පුංචිහේවා “ නමැත්තා මේ වන විට සිංගපූරුවේ වාසය කරන අතර ඔහුට යළි සිතාසී නිකුත් කෙරිණි.

    මෙම නඩුව නැවත නොවැම්බර් මස 17 දා කැඳවේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img