තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයින් 46 දෙනකු මෙරට රජයෙන් ඉවත් කරගනී

    ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයින් 46 දෙනකු මෙරට රජයෙන් ඉවත් කරගනී

    ඇෆ්ගනිස්ථානයේ අර්බුදයට මුහුණ පා සිටින මුළු ශ්‍රී ලාංකිකයින් 86 දෙනා අතුරින්, 46 දෙනෙකු මේ වන විටත් ඉවත් කර ගෙන ඇති බව විදේශ අමාත්ත‍යංශය පවසයි.

    ශ්‍රී ලාංකිකයින් විසි (20) දෙනෙකු ඇෆ්ගනිස්ථානයේම රැඳී සිටීම සඳහා කැමැත්ත පළ කොට ඇත.

    ඔවුන් පෙන්වා දෙන්නේ තවත් ලාංකිකයින් විසි (20) දෙනෙකු ආපසු පැමිණීමට අපේක්ෂා කරන බවය.

    අමාත්‍යංශ නිවේදනයකට අනුව ඔවුන් ඉවත් කර ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කරමින් සිටි.

    ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන අතර, එහි ප්‍රවණතා පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව අමාත්‍යංශ නිවේදනයේ ” සඳහන් වේ.

    “ ඇෆ්ගනිස්ථානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි අපගේ මූලික අවධානය යොමු වී ඇත. ඔවුන් එසේ කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්ථානය යන රටවල රජයන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අදාළ රටවල තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවල දී ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා සහය ලබා දෙන ලෙස ඉල්ලා ඇත. මේ සඳහා අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානමින් සිටී.

    තලේබාන් සංවිධානය විසින් පොදු සමාවක් ලබා දී ඇති බවත්, කිසිදු විදේශිකයෙකුට හානියක් නොකරන බවට ප්‍රතිඥා දී ඇති බවත්, එම කැපවීමට අඛණ්ඩව ගෞරව කරන ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා රජය සතුටින් සඳහන් කරයි. ඉස්ලාමීය සම්ප්‍රදාය අනුගමනය කරමින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රැකියා කළ හැකි අතර, ගැහැණු ළමයින්ට පාසල් යා හැකි බවට තලේබාන් සංවිධානය විසින් ලබා දුන් ප්‍රතිඥා පිළිබඳව ද ශ්‍රී ලංකා රජය සතුටු වේ.

    රට ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්‍ෂික යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවට තලේබාන් සංවිධානය කළ ප්‍රකාශය පිළිබඳව ද ශ්‍රී ලංකා රජය අවධානය යොමු කරයි.

    දැන් තලේබාන් සංවිධානය බලයේ සිටින බැවින්, නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් ඇෆ්ගනිස්ථානයේ සියලු ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ ගෞරවය ආරක්‍ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරයි.

    සමස්ත දකුණු ආසියානු කලාපයම අස්ථාවර කිරීමේ බලපෑමක් ඇති කළ හැකි මහා ජන සංක්‍රමණ, අන්තවාදී ආගමික කොටස් විසින් එහි ආරක්ෂිත ස්ථානයක් සාදා ගැනීමට උත්සාහ දැරීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිදියුණු වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් පසුවෙයි. රජය මෙම තත්ත්වය දෛනිකව හොඳින් නිරීක්ෂණය කරමින් සිටී.

    සාර්ක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, මේ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කලාපීය ප්‍රයත්නයකට සහාය වීම සඳහා සිය කාර්‍ය භාරය ඉටු කිරීමට සූදානමින් සිටී.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img