Home උණුසුම් පුවත් හෙන්ඩුවේ ඉඳන්ම හොයන අලි රකින ගැසට්ටුවක්

හෙන්ඩුවේ ඉඳන්ම හොයන අලි රකින ගැසට්ටුවක්

හෙන්ඩුවේ ඉඳන්ම හොයන අලි රකින ගැසට්ටුවක්

ඇත්ගොව්වාගේ හෙන්ඩුව, කෙවිටේ ප්‍රමිතියේ සිට හීලෑ අලින්ගේ ආරක්ෂාව, සුබ සාධනය සහ ලියාපදිංචිය විධිමත් කිරීම දක්වා වන පුළුල් පරාසයක නියෝග නිකුත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 71 වන වගන්තිය සමඟ කියවිය යුතු, එකී ආඥාපනතේ 22අ වන වගන්තිය යටතේ වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව හීලෑ අලින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සැලසීම, හීලෑ අලි ලියාපදිංචිය විධිමත් කිරීම, ඓතිහාසික සංස්කෘතික පෙරහැර සඳහා හීලෑ අලි ලබා ගැනීම, ඇත්ගොව්වන් විසින් භාවිත කරනු ලබන සාම්ප්‍රදායික මෙවලම්වල ප්‍රමිතීන් හා පිරිවිතර ආදී කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සඳහන් කර ඇත.

ලියාපදිංචියට අදාළ ඉල්ලුම්පත් ද පහත ගැසට් පත්‍රයේ සඳහන් වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/08/2241-41_S1.pdf” title=”2241-41_S(1)”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here