තවත්
    මුල් පිටුවCOVIDනිධන්ගත රෝග සහිත වැඩිහිටියන්ට සතියකට වරක් ඇන්ටිජන් පරීක්ෂාවක්

    නිධන්ගත රෝග සහිත වැඩිහිටියන්ට සතියකට වරක් ඇන්ටිජන් පරීක්ෂාවක්

    නිධන්ගත රෝග තිබෙන අවුරුදු 60 ට වැඩි අය ඉලක්ක කරගනිමින් සතියකට වරක් හෝ ඇන්ටිජන් පරීක්‍ෂාවක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශවලට උපදෙස් දී තිබේ.

    ඔහු මේ බව පැවසුවේ අද රාත්‍රියේ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේ දීය.

    “කොවිඩ් රෝගයෙන් මිය ගිය අයගෙන් බොහෝ දෙනා අවුරුදු 60 ට වැඩි අයයි. ඒ අයගෙනුත් වැඩි අය නිධන්ගත රෝග වලින් බොහෝ කල් පීඩා විඳි අයයි. ඒ වගේම එන්නත ලබා නොගත් අයයි. එම නිධන්ගත රෝග තිබුණු අය කොවිඩ් රෝග ලක්‍ෂණ ඇති වූ වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. මේ නිසා නිධන්ගත රෝග තිබෙන අවුරුදු 60 ට වැඩි අය ඉලක්ක කරගෙන සතියකට වරක්වත් ඇන්ටිජන් පරීක්‍ෂාවක් කරන ලෙස මම සෞඛ්‍ය අංශ වලට උපදෙස් ලබා දී තිබෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img