ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් වයිරසය පැතිරවීමට පටන් ගෙන දින දෙකක් ගත වන තුරුත් කොවිඩ් -19 රෝග ලක්‍ෂණ නොපෙන්වන බවට නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
චීනයේ ගුවැංඩොං හි පර්යේෂකයන් පිරිසක් කරන ලද සවිස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් මේ බව අනාවරණය කරයි.
සාමාන්‍යයෙන් මිනිසුන්ට රෝග ලක්‍ෂණ පෙනෙන්නට පටන් ගත්තේ ඩෙල්ටාව ආසාදනය වී දින 5.8 කට පසුව වන අතර වෛරස් ආර්එන්ඒ සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් දින 1.8 කට පසුවය.
COVID-19 පිළිබඳ කිසිදු සලකුණක් පෙන්වීමට පෙර පුද්ගලයින්ට වෛරස් පතුරුවා හැරීමට දින දෙකකට ආසන්න කාලයක් ඉතිරි විය.
ඩෙල්ටාව මතුවීමට පෙර ප්‍රභේද SARS-CoV-2 ආසාදිත පුද්ගලයින් රෝග ලක්ෂණ වර්ධනය වීමට සාමාන්‍යයෙන් දින 6.3 ක් සහ වෛරස් ආර්එන්ඒ සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමට දින 5.5 ක් ගත කළ අතර, වයිරසය පැතිරවීම සඳහා දින 0.8 ක ඉතා කුඩා කාලයක් ඉතිරි විය.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඩෙල්ටාවේ ආසාදන වලින් 74% ක් සිදු වූයේ පූර්ව රෝග ලක්‍ෂණ අවධියේදී ය. පෙර පැවති ප්‍රභේදයන්ට වඩා මෙය වැඩි අනුපාතයකි.
එන්නත් නොගත් අයට වඩා එන්නත් කළ පුද්ගලයින්ගෙන් වෙනත් අයෙකුට ඩෙල්ටා ආසාදනය වීමේ ඉඩකඩ 65% කින් අඩු බව ද සොයාගෙන තිබේ. ඒ අනුව එන්නත් නොකළ පුද්ගලයන් වයිසරය වැඩියෙන් පතුරුවන්නන් බව පැවසේ.
මුල් ප්‍රභේද ආසාදිත වූවන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදනය වූ පුද්ගලයින් රෝග ලක්ෂණ වර්ධනය වීමට පෙර වෛරසය ව්‍යාප්ත වීමට වැඩි ඉඩක් ඇත.
හොංකොං විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ සහ මෙම අධ්‍යයනයේ සම කර්තෘ බෙන්ජමින් කව්ලිං පවසන්නේ “එය නැවැත්වීම වඩාත් අමාරුයි” යනුවෙනි.
මෙම වසරේ මැයි සහ ජුනි අතර ගුවැන්ඩොං හි පුද්ගලයින් 101 දෙනෙකුගෙන් සවිස්තරාත්මක පරීක්ෂණ දත්ත සහ එම පුද්ගලයින්ගේ සමීපතමයින්ගේ දත්ත විශ්ලේෂණය කිරීමට කෝලිං සහ ඔහුගේ සගයන් සමත් වූහ.
මෙම සොයාගැනීම “COVID-19 එන්නත් සාර්‍ථකව කරගෙන යාම, වසංගතයට අපගේ ප්‍රතිචාරයේ අත්‍යවශ්‍ය අංගයක් බව සැලකිය යුතු හා ඒත්තු ගැන්වීමක් බව ” පර්යේෂකයෝ පවසති.