Home COVID කොරෝනා ඖෂධ සොයාගත් බව කී – ලෙඩ්ඩු ගැන බලන්න කෙනෙක් නෑ කී ‍දොස්තර කෙ‍ාරෝනා වාට්ටුවට

කොරෝනා ඖෂධ සොයාගත් බව කී – ලෙඩ්ඩු ගැන බලන්න කෙනෙක් නෑ කී ‍දොස්තර කෙ‍ාරෝනා වාට්ටුවට

කොරෝනා ඖෂධ සොයාගත් බව කී – ලෙඩ්ඩු ගැන බලන්න කෙනෙක් නෑ කී ‍දොස්තර කෙ‍ාරෝනා වාට්ටුවට

කොරෝනා රෝගය මර්දනය කරන ඖෂධයක් සොයාගත් බවට වරෙක සමාජ ජාල ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලැබූ, පසුගියදා කොවිඩ් රෝගීන් පිළිබඳ කිසිවෙකු නිසි අවධානයක්‌ යොමු නො කළ බව පවසමින් උද්වේගකර ප්‍රකාශ කරමින් මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්‌ වූ කරාපිටිය රෝහලේ උදාර සම්පත්‌ ගුණවර්ධන චෛද්‍යාවරයා එම රෝහලේ කොවිඩි වාට්ටුවකට අනුයුක්ත කර තිබේ.

ඔහුගේ සේවය ඇගයීම පිණිස මෙම පිියවර ගත් බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්‌.ඒ.එම්‌. ෂෙල්ටන්‌ පෙරේරා මහතා අත්සනින් නිකුත් කළ බව කියන අනුයුක්ත කිරීමේ ලිපියේ සඳහන් ය.

ඒ අනුව අදාළ චෛද්‍යවරයා කරාපිටිය රෝහලේ වාට්ටු අංක 36 වෙත පසුගිය 18 වැනිදා සිට සති හතරක කාලයකට මෙම සේවා අනුයුක්ත කිරිම සිදුකර ඇත.

“කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන ගේට්ට්‍රව ගාව පුද්ගලයෙක්‌ රෝද පුටුවක අයිතිකාරයෙක්‌ නැතුව පැය භාගයක්‌ හති හලලා මැරෙනවා. කවුරුවන්‌ ළං වෙන්නෙ නෑ. භොයලා බලන්න, මේ විදියට රටේ හැමතැනම මිනිස්සු මැරෙනවා. ජනාධිපතිතුමාට කියන්න කෙනෙක්‌ නැහැ. ඔන්තු සේවාවක්‌ හරි දාලා හොයලා බලන්න, තවදුරටත් අපිට කට වහගෙන ඉන්න බෑ.
හැමදාම මම වැඩට යන්නේ මෝචරිය ගාව. මේ මෝවරිය ගාවින්‌ එනකොට මෝචරියේ හැමදාම මිනිස්සු මැරෙනවා. මැරිලා වළලනවා. මේක පෙන්නේ නැද්ද මම කතා කරන්නේ දත්ත එක්ක වහාම අපේ රටේ මිනිස්සු මැරෙන එක වළක්වන්න.” යැයි පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ‍උදාර සම්පත් ගුණවර්ධන මහතා අදහස් දක්වා තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here