Home උණුසුම් පුවත් වැලිගම කැලෑවකින් හමුවූ ගිනිඅවි තොගය මුහුදින් ඇවිත්!

වැලිගම කැලෑවකින් හමුවූ ගිනිඅවි තොගය මුහුදින් ඇවිත්!

0
වැලිගම කැලෑවකින් හමුවූ ගිනිඅවි තොගය මුහුදින් ඇවිත්!

පකිස්ථානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට බෝට්ටු මගින් මත්කුඩු රැගෙන එන අවස්ථාවන්වලදී ගෙන එන්නට ඇතැයි සැක කෙරෙන පිස්තෝල පහක් වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අද අළුයම සොයාගෙන තිබේ.

පිස්තෝල පහට අමතරව මැගසින් වර්ගයේ ගිනිඅවි අටක් සහ පතුරම් 10 එම ස්ථානයේ තිබී හමුවී ඇත.

මෙම ගිනි අවි ගසක් පාමුල තිබී හමුවී ඇති අතර මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඒ ගැන තොරතුරක් ද ලැබී තිබී ඇත.

මෙම ගිනි අවි හරක් කටා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ට අයත් ඒවා බවට සැකයක් පවතී.හරක් කටාට මත්ද්‍රව්‍ය සමඟ පකිස්ථානයේ ජාවාරම්කරුවන්ගෙන් ගිනි අවි තොගයක් ලැබී ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කාර්යාංශයට ලද තොරතුරු අනුව මේ දිනවල වැලිගම සහ මිදිගම යන පැතිවල විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here